කාර්ය මණ්ඩලය

පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යන්.

ආයතන අංශය

පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යයන් සාර්ථක කරගැනීම සඳහා ආයතන අංශය මඟින් පහත ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් ඉටු කෙරේ.

  • කාර්ය මණ්ඩල බඳවා ගැනීම.
  • කණිෂ්ඨ සේවකයින් සඳහා කාර්යක්ෂම කඩඉම් (වාචික) විභාග පැවත්වීමට කටයුතු කිරිම.
  • නිලධාරින් කාර්යක්ෂම  කඩඉම්  විභාග සඳහා යොමු කිරිම.
  • කාර්ය මණ්ඩල පත්වීම් ස්ථිර කිරිමට අදාල කටයුතු කිරිම.
  • තොරතුරු දැන ගැනීමේ පනත ප්‍රකාරව මහජනයා වෙත තොරතුරු ලබා දීම.
  • කාර්ය මණ්ඩල ස්ථාන මාරු( වාර්ෂික, සුහද, අභ්‍යන්තර, අන්තර් පළාත්) අයදුම් කිරිම.
  • කාර්ය මණ්ඩල උසස් වීම් ලබාදීමට පත්විම් බලධරයා වෙත නිර්දේශ යැවීම.
  • කාර්ය මණ්ඩල තනතුරින් මුදා හැරීමට අදාළ කටයුතු සිදු කිරිම (තාවකාලික හෝ ස්ථීරව).
  • කාර්ය මණ්ඩල විශ්‍රාම ගැන්වීම.
  • දෙපාර්තමේන්තුවට අයත් කාර්ය මණ්ඩලයේ විදේශ නිවාඩු (රාජකාරි/පෞද්ගලික) ලබාදීමට අදාළ නිර්දේශයන් ලබා දීම.
  • දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිවාඩු (රාජකාරි/පෞද්ගලික).
  • මාණ්ඩලික නිලධාරින් හට තීරු බදු රහිත වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබා දීමට නිර්දෙශ ලබා දීම.
  • කාර්ය මණ්ඩල අනුමත කර ගැනිම සඳහා අදාල නිර්දේශයන් සමඟ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරිමට අදාල කටයුතු සිදු කිරිම.
  • රාජකාරි කටයුතු සඳහා වාහන භාවිතයට අනුමැතිය ලබා ගැනිම.
  • මාණ්ඩලික නිලධාරීන්ගේ  නිවාඩු දින වැටුප් සඳහා අනුමැතිය ලබා දීම.
  • මහජන පැමිණිලි  හා ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • විවිධ ආයතන වලින් ලැබෙන ලිපි සඳහා පිළිතුරු සැපයීම.

සැළසුම් අංශය

පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලැබෙන ප්‍රතිපාදන උපරිම අයුරින් උපයෝජනය කොට පළාතේ සංවර්ධන ක්‍රියාවලිය අධීක්ෂණය, ප්‍රගතිය සමාලෝචනය ආදීය සැළසුම් අංශය මඟින් සිදු කෙරේ.ඒ අනුව,

  •  දෙපාර්තමේන්තුවේ වාර්ෂික සංවර්ධන සැලැස්ම නිර්දේශ කර අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිම.
  • දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රාදේශිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාල වල  වාර්ෂික ක්‍රියාකාරි  සැලැස්ම නිර්දේශ  කර අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිම.
  • සංවර්ධන ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ ලබා දීමට ප්‍රතිලාභින් තෝරා ගැනිම.

ගිණුම් අංශය

දෙපාර්තමේන්තුවට ලැබෙන ප්‍රතිපාදන සංවර්ධන ව්‍යාපෘති වලට යෙදවීමත් මිලදි ගැනීම්වල ගෙවිම් කටයුතු, සියලු වියදම් කිරීමට අදාල  ගිණුම් තැබීම් හා පොත්පත් නඩත්තුව , ප්‍රසම්පාදන කටයුතු හා ගිණුම් කටයුතු වලට අදාල ලිපිගොනු පවත්වාගෙන යාම ගිණුම් අංශය මගින් සිදු කෙරේ.